මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය: 1747කට නොතීසි - 394කට නඩු

    සැප්තැම්බර් 13, 2014
    ජාතික මදුරු මර්දන සතියේ ඊයේ (12) දින වන විට මදුරු මර්දන වැඩසටහන මඟින් දිවයින පුරා පරිශ්‍ර 25,880ක් පරීක්ෂාවට ලක් කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන 9,221ක් හඳුනා ගෙන ඇත. මදුරු කීටයන් ඇති ස්ථාන 1415ක් හඳුනා ගෙන ඇති අතර 1747කට නොතීසි නිකුත් කිරීමටත් මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන ගිය 394 දෙනෙකුට නඩු දැමීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    ජාතික මදුරු මර්දන සතියේ 04 වන දිනය වන අද (13) "කර්මාන්ත ශාලා හා නේවාසික ස්ථාන පරීක්ෂා කිරීමේ දිනය" වේ. සියලුම නිවාස සහ පරිශ්‍ර, කාර්මික ස්ථාන, කර්මාන්ත ශාලා පරීක්ෂාව අද දින සිදු කෙරිණි. 

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති ඩෙංගු කාර්යසාධක බලකාය එක් ව පසුගිය 10 සිට ලබන 16 දින දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කෙරේ. ඊයේ දිනය නම් කර තිබුණේ "පළාත් පාලන දිනය" වශයෙනි. ඒ අනුව දිවයිනේ සියලු ම පොදු ස්ථාන හා නාගරික කාණු පද්ධති තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබේදැයි පරීක්ෂාවට ලක් කෙරිණි. මේ සඳහා පළාත් පාලන ආයතනවල සේවක මණ්ඩල, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය කාර්යමණ්ඩල, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනිණි.

     

    පසුගිය දින 03 තුළ දිවයින පුරා පරිශ්‍ර 66,578ක් පරීක්ෂා කර මදුරු කීටයන් සහිත ස්ථාන 3137ක් සොයා ගෙන ඇති අතර 1111කට නඩු පැවරීමට ද කටයුතු කර ඇත. 

     

    ජාතික මදුරු මර්දන සතියේ 04 වන දිනය වන හෙට (14) "පරිසර දිනය" ලෙස නම් කර ඇත. දිවයිනේ සියලු ම ආගමික ස්ථාන, නිවාස ආදිය හෙට දින පරීක්ෂා කිරීමට නියමිතය. 

     

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya