මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මහරගම දී

    සැප්තැම්බර් 13, 2014

    ලෝක ළමා දිනය ඔක්තෝබර් 01ට යෙදී ඇත. ඊට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 දින මහරගම ජාතික යොවුන් රඟහලේ දී පැවැත්වේ. 


    මෙවර තේමාව වන්නේ "සෙනෙහස දී අප රකින්න" (Protect Us with Love) යන්නයි.

    ලෝක ළමා දිනය නිමිත්තෙන් අලෙවි කෙරෙන ප්‍රථම කොඩිය ජාතික සැමරුම් උත්සවයේදී ජනාධිපතිතුමා වෙත පැළඳවීමට ද නියමිතය. ඒ නිමිත්තෙන් වන සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම ද එදින මහරගම ජාතික යොවුන් රඟහලේ දී සිදු කරනු ඇත.

    දරුවන් වෙත සෙනෙහස දැක්වීම ඔවුන්ගේ කායික හා මානසික වර්ධනයේ පදනම ලෙස සැලකිය හැකිය. නිසි සෙනෙහස තුළ වැඩෙන දරුවා වැඩිහිටියෙකු වූ පසු තමාට මෙන් ම සමාජයේ අනෙකුත් සාමාජිකයන්ට ද ආදරය, කරුණාව, දයාව දක්වන පුද්ගලයෙක් වෙමින් සමාජ යහ පැවැත්ම ඇති කිරීමට ක්‍රියා කරනු ඇත. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින් මෙවර ලෝක ළමා දින තේමාව නම් කර තිබේ.

    පාසල් දරු දැරියන්ගේ සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වන ලෝක ළමා දින ජාතික උත්සවයට සමගාමීව ඔක්තෝබර් 01 දින දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් දිවයින පුරා සැමරුම් උත්සව පැවැත්වීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya