මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට තරමක තද සුළං Featured

    සැප්තැම්බර් 14, 2014

    අද (14) දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ  මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    යාපනයට, ත්‍රිකුණාමලයට හා මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    අනුරාධපුරයට, මන්නාරමට හා ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 41.6ක් වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 16.8ක වර්ෂාපතනයක් කොළඹින් ද‍ වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.3°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.7°C නුවරඑළියෙන් ද මි.මී. 38.6ක උපරිම වර්ෂාපතනය ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya