මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය ඌව මැතිවරණය හරහා පෙර නිමිති දකිනවා

    සැප්තැම්බර් 12, 2014
    ඌව පළාත් සභා මැතිවරණය හරහා ජනාධිපතිවරණයක හෝ මහ මැතිවරණයක පෙර නිමිති බලන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ( 12)ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    සුළු ජාතික පක්ෂ ද සන්ධානය සමඟි අත්වැල් බැඳගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ පාලන සමයේ ලක්ෂ 07ක් ව පැවති රාජ්‍ය සේවය ලක්ෂ 03ක් දක්වා අඩුකිරීමට සැලසුම් කළ බවත් වත්මන් රජය යටතේ එක ලක්ෂ 17ක් දක්වා වර්ධනය කොට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    රටේ සිදුවෙමින් පවතින දැවැන්ත සංවර්ධනය හේතුවෙන් ජනතාව සන්ධානය සමඟ පෙළ ගැසී සිටින බවත් පෙන්වා දුන්නේය.
     
    එක්සත් ජාතික පක්ෂ කිසි ම අවස්ථාව ඌව පළාත් සභාව ජයග්‍රහණය කරන බවක් ප්‍රකාශ නොකරන බවත් පසුගිය වරට වඩා මනාප ලබාගන්නා බව ප්‍රකාශ කරන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සන්ධාන ආණ්ඩුවක් පවතින බැවින් පළාත් සභාව ජයග්‍රහණය කළ නොහැකි යැයි විපක්ෂය පැවසුවද එක්සත් ජාතික පක්ෂය බලයේ සිටින අවදියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා ජයග්‍රහණය කළ බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya