මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවෙන් එජනිස විශිෂ්ට ජයග්‍රහණයක් අත්වෙනවා

    සැප්තැම්බර් 12, 2014
    ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අති විශිෂ්ට 
    ජයග්‍රහණයක් අත්වන බවත් ඒ බව සමීක්ෂණ වාර්තාවන්ගෙන් මේ වන විට අනාවරණය 
    වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල 
    සිරිසේන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති 
    ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    17දා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කරන ලෙස මැතිවරණ 
    කාර්යාලය මගින් නිවේදනය කොට ඇති බවත් තම පක්ෂයේ ප්‍රචාරණ කටයුතු එදින 
    අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ඌව පළාත් සභා මැතිවරණ අරමුණු කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 
    ක්‍රියාත්මක කරනු ලබන ප්‍රචාරණ කටයුතු ඉතා සාර්ථක අන්දමින් බදුල්ල හා මොනරාගල 
    දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    ජනාධිපතිතුමා පසුගිය දින කිහිපයක් පුරා මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු 
    විවෘත කිරීම්වලට සහභාගි වෙමින් එම ප්‍රදේශවල කටයුතු සොයාබැලීම සඳහා එහි 
     
    සංචාරය කළ බවත් එලෙසින් ම සංවර්ධන ව්‍යාපෘතීන් ජනතා අයිතියට පවරමින් ප්‍රදේශයේ කටයුතු සොයා බැලීමේ කටයුතු මේ දිනවල බදුල්ල කේන්ද්‍රකරගනිමින් සිදු කරන බවත් ප්‍රකාශ කළේය.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ මෙන් ම මොනරාගල දිස්ත්‍රික්කයේ ද දැවැන්ත සංවර්ධනයක් සිදු වී 
    ඇති බව අතීතය දන්නා ජනතාව මනා ව දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී 
    වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya