මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයග්‍රහණයේ සැකයක් නැහැ

    සැප්තැම්බර් 12, 2014
    ඌව පළාත් සභාව හරහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම පිළිබඳ ව කිසිදු සැකයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ( 12)ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. 
     
    විපක්ෂය පක්ෂ ප්‍රතිසන්ධානයක් පිළිබඳ ව මේ දිනවල දී ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණය සඳහා මාතෘකාවක් කොට ගෙන ඇති බවත් එය ජනතාවගේ නො ව පක්ෂයේ ප්‍රශ්නයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    විපක්ෂයට පුළුල් දේශපාලන දර්ශනයක් කරා ගමන් කළ නොහැකි යැයි ද සුමතිපාල මහතා පැවසීය.
     
    බදුල්ල ජනතාව සංවර්ධනය හරහා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි යමක් එම ජනතාව වෙත ලබාදීමට වත්මන් රජය කටයුතු කොට ඇති බවත් මොනරාගල දිස්ත්‍රික්කයේ ද සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සභා හරහා අති විශාල මුදලක් වෙන් කොට ඇති බවත් 
    පෙන්වා දුන්නේය.
     
    සන්ධානයට චෝදනා එල්ල කිරීමට විපක්ෂය මේ වන විට කටයුතු කරමින් පවතින බවත් එය කළ යුත්තේ මෙම අවස්ථාවේ නොවන බවත් පළාත් සභාව තුළ දී බවත් ඒ මහතා කීය.
     
    නියඟය පවතින දිස්ත්‍රික් 10ක පවුල් සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට රජය අති විශාල මුදලක් වෙන් කොට ඇති බවත් ඊට අමතරව හැකි අයුරින් සියලු පහසුකම් ලබාදීමට කටයුතු කොට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya