2014 - පකිස්තානු ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරණ 32කු ගෙන් යුත් මෙම නියෝජිත පිරිස පසුගිය ඉරිදා (07) සතියක අධ්‍යනය චාරිකාවක් සඳහා දිවයිනට පැමිණි අතර මෙම පිරිසට එම පාඨමාලාව හදාරණ ශිෂ්‍යයන්, උපදේශකයන් හා පාඨමාලාව භාර නිලධාරීහු ද අයත් වූහ.
මෙහිදී ආරක්ෂක ලේකම්තුමා හා මෙම නියෝජිත පිරිස අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටටම වැදගත්වන ද්විපාර්ශ්විය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
සාකච්ඡාව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා හා මෙම නියෝජිත පිරිසේ ප්‍රධානී අතර සිහිවටන තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවිය.
DB