මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආදායම වාර්තාගත ලෙස ඉහළට Featured

    සැප්තැම්බර් 11, 2014

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවන අනවසර මැණික් කැණීම් නතර කර එහි විධිමත් ලෙස නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

     

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා පමණක් රුපියල් 278,099,470ක ආදායමක් ලබා ඇත. මෙම වසරේ ජූලි සිට දෙසැම්බර් දක්වා රුපියල් 225,950,000ක් ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය වර්ෂයේ  370,695,500ක වාර්ෂික ආදායමක් ලබා තිබේ. ඒ අනුව මෙම වසරේ දී එම වාර්ෂික ආදායම අභිබවා යාමට අධිකාරියට හැකියාව ලැබේ.
     
    සීතාවක ගඟේ තල්දූව පාලම අසල, කළු ගඟ ආශ්‍රිතව හරණියාවක හා අයගම, බලංගොඩ යන ප්‍ර‍දේශවල සිදු වූ බොහෝ අනවසර මැණික් කැණීම් නතර කර ක්‍රමවත් නව ව්‍යාපෘති ඇරඹීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගැනීම එහි ආදායම ඉහළ යාමට හේතු වී ඇත.


    මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී ඉඩමේ අයිතිය තහවුරු කරවා ගැනීමට  ඇතැම් පුද්ගලයන් ව්‍යාජ ඔප්පු සකස් කිරීම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයට විසදුමක් ලෙස ඒ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.

    නව ක්‍රමයට අනුව බලපත්‍ර ඉල්ලුම් කරන්නාට අදාළ ඉඩමෙහි නීත්‍යනුකූල අයිතියක් තිබෙන බව අවුරුදු දහයකට වඩා පළපුරුද්දක් තිබෙන නීතිඥවරයකු හෝ නොතාරිස්වරයෙකු විසින් තහවුරු කරනු ලැබිය යුතුය. ඉන්පසුව බලපත්‍ර ඉල්ලුම් කළ පිරිසගේ තොරතුරු ජාතික පුවත්පත්වල භාෂා තුනෙන් ම ප්‍රසිද්ධ කරනු ලබයි. එහිදී සත්‍ය කරුණු මත පදනම් ව යම් විරෝධතාවක් ඉදිරිපත් වේ නම් අධිකාරිය විසින් බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබයි.

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි ඉදිරියේ දී  එම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya