මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවෙන් ‘ව්‍යවසායක උදානය‘ සම්මන්ත්‍රණ

    සැප්තැම්බර් 11, 2014


    මහජන බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය මෙහෙය වන ව්‍යවසායක උදානය සම්මන්ත්‍රණ මාලාවේ එක් අදියරක් හෝමාගම අමල්යා රිච් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.

     
    මෙම ව්‍යවසායක උදාන සම්මන්ත්‍රණ මාලාව ව්‍යවසායකත්වය, ව්‍යාපාර සැලසුම් අලෙවිකරණය, මූල්‍ය ගිණුම්කරණය හා මූල්‍ය කළමනාකරණය සහ බදු ආශ්‍රිත ගැටලු පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කර ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇත. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මහජන බැංකුවේ නිලධාරීන් සහ ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳව ප්‍රාමාණික විද්වතුන් සම්පත් දායකත්වය ලබාදේ.

    මෙම ව්‍යවසායක උදාන සම්මන්ත්‍රණය මහජන බැංකුව කොළඹ පිටත ප්‍රාදේශිකය විසින් සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාවට මානව කුසලතා සංවර්ධන විශේෂඥ/ පුහුණුකරු සරත් ගමගේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බන්දුල හපුතන්ත්‍රිගේ, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමුපකාර හා සංවර්ධන බැංකු කටයුතු) ටී.ඒ.ආරියපාල, සහකාර සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, බටහිර කලාප 11 සහාකාර සාමාන්‍යාධිකාරී ටී.ඩී.ද.ඉසෙඩ් ගුණවර්ධන, ප්‍රාදේශීය කළමනාකාර වසන්ත රත්නායක, සහකාර ප්‍රාදේශීය කළමනාකාර චන්දන සිල්වා යන මහත්වරු පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya