මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු මාපිය දීමනාව ඉල්ලුම් කිරීමේ අවස්ථාව තවමත්

    සැප්තැම්බර් 10, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත අය-වැය හරහා රණ විරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් මාසිකව රුපියල් 750ක මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළට ලියාපදිංචි නො වු රණ විරු දෙමාපියන් විශාල ප්‍රමාණයක් තවමත් සිටින බවත් එසේ ලියාපදිංචි නො වු දෙමාපියන් වේ නම් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස රණ විරු සේවා අධිකාරියේ සභාපති පත්මිණි වෑත්තෑව මහත්මිය ප්‍රකාශ කළාය.
     
    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (10) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ආරක්ෂක සේවයේ නියුතු ව සිට මියගිය, විශ්‍රාමික හා ආබාධිත රණ විරු දූදරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් මෙම මුදල් මවට හා පියාට වෙන වෙන ම ලබාදෙනු ලබයි. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු 0112 055 675 ඔස්සේ මදුර ලියනගේ මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. 
     
    මියගිය රණ විරුවන්ගේ පවුල්වල පුද්ගලයන් සඳහා හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කොට ඇති බවත් පෙන්වා දුන් ඒ මහත්මිය රණ විරු මාපිය ගිණුමට ලියාපදිංචි නො වු දෙමාපියන් වෙත්නම් හැකි ඉක්මනින් එහි ලියාපදිංචි වී එම දීමනාව ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියාය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya