මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද

    සැප්තැම්බර් 11, 2014
    2014 ඌව පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට පසුගිය 04 සහ 05 දිනවලදී පහසුකම් සලසා තිබුණු අතර එම දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවන් වෙනුවෙන් වු අතිරේක දිනය අද (11)ට යෙදී ඇත.
     
    ඒ අනුව ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි වූ තැපැල් ඡන්දය දායකයන්ගෙන් එම දින දෙකෙහි දී ඡන්දය සලකුණු නොකරනු ලැබූවන් වෙනුවෙන් වු අතිරේක දිනයේ දී ඡන්දය සලකුණු කිරීම සිදු කළ හැකිය.
     
    කාර්යාල වේලාව තුළ දී අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මෙන් ම කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වේ.
     
    මෙම දිනය කිසිදු ලෙසකින් නැවත දීර්ඝ කිරීමක් සිදු කරනු නොලැබේ. තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැඳුනුම්පත් වශයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති හැඳුනුම්පත් රැගෙන යා යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya