අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    67 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල වීරකැටිය, මධ්‍ය මහා විදුහල් පරිශ්‍රයේ දී Featured

    සැප්තැම්බර් 10, 2014
    67 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2015 පෙබරවාරි මස 04 වන දින වීරකැටිය, මධ්‍ය මහා විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.

     අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ සහභාගිත්වයෙන් අද (10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති එහි මූලික සාකච්ඡාවේ දී මේ බව අවධාරණය කෙරිණ.
     

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිදහස් දින සැමරුම් උළෙලක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම උත්සවය ආගමික කටයුතු, ප්‍රාදේශීය සංවර්ධන කටයුතු, ආචාර පෙළපාළි, සංස්කෘතික සංදර්ශන ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත වේ.
     

     මේ පිළිබඳව පැවති මූලික සාකච්ඡාවේ දී වීරකැටිය මධ්‍ය මහා විදුහල ඇතුළු උත්සව භූමි පරිශ්‍රය අංග සම්පූර්ණව සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය. මාර්ග සංවර්ධනය කිරීම, අතුරු මාර්ග හා විකල්ප මාර්ග සකස් කිරීම, වේදිකා ඇතුළු උත්සව භූමි අලංකරණ කටයුතු, ජල හා විදුලිබල සම්පාදනය යන කටයුතු එහිදී අදාළ නිලධාරීන් වෙත භාරදීම අමාත්‍ය ඩබ්ලිව්.‍ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී. 
    මෙම උත්සවයට සමගාමීව කොළඹ 07, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර, ඊට සමගාමීව වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ආගමික ස්ථාන පහක දී ආගමික වතාවත් සිදු කෙරේ. 
     
    නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පිදීම ද මෙම ජාතික උත්සවයට සමගාමීව සිදු කෙරේ. 67 වන ජාතික නිදහස් සැමරුම් උළෙල සංවිධාන කිරීම පිළිබඳ මූලික සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya