අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද නාමලේඛනයට ඉල්ලුම්පත් කිරීම 31න් අවසන්

    සැප්තැම්බර් 10, 2014
    2013 ඡන්ද නාමලේඛනයේ ඇතුළත් ව නොමැති පුද්ගලයින්ගේ නම් 2014 ඡන්ද නාමලේඛනය සඳහා ඇතුළත් කිරීම සඳහා ලබා දුන් කාලය සැප්තැම්බර් 31න් අවසන් වන බව මැතිවරණ මහ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මේ වන තුරුත් 2014 ඡන්ද නාමලේඛනය සඳහා නම් ඇතුළත් කොට නොමැති පුද්ගලයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ පළාත් පාලන ආයතන වෙතින් ඡන්ද නාමලේඛනය සඳහා නම් ඇතුළත් කිරීම සිදු කළ හැකිය.
     
    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු http://www.slelections.gov.lk වෙබ් අඩවිය හරහා ද ලබාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya