අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 මුල් මාස 06 තුළ විදුලි සහන ලබාදීමට මිලියන 22560ක් Featured

    සැප්තැම්බර් 10, 2014
    2014 වසරේ මුල් මාස 06ක කාලයක් තුළ පළමු ඒකක 60 සඳහා වන සහන ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 22,560ක් වැය කොට ඇතැයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහතා පැවසීය.
     
    සභාපතිවරයා මේ බව පැවසුවේ අද (10) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දී මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ය.
     
    ඒ අනුව පළමු ඒකක 30 භාවිතා කරනු ලබන පවුල් 11,47,280ක් සඳහා විදුලි ගාස්තු සහනය ලබාදීමට රුපියල් මිලියන 14,460ක් ද, ඒකක 60ක් භාවිත කරනු ලබන පවුල් 15,93,600ක් සඳහා විදුලි ගාස්තු සහනය ලබාදීමට රුපියල් මිලියන 8100ක් ද වැය කොට ඇත.
     
    ශ්‍රී ලංකාවේ එක් පවුලක පුද්ගලයන් 04 දෙනා බැගින් සිටින ලෙස උපකල්පනය කරමින් මුළු ජනගහනයෙන් 50%ක් තරම් පිරිසක් සඳහා පළමු ඒකක 60 භාවිත කරන ගණයකට අයත්වන බැවින් මුළු ජනගහනයෙන් 50%කට ම මෙම සහනය ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    පූජ්‍ය ස්ථාන සඳහා විදුලි සහනය ලබාදීම සඳහා රුපියල් මිලියන 102ක් ද, කර්මාන්ත අංශය වෙනුවෙන් රුපියල් මිලියන 10,435ක් ද, හෝටල් වෙනුවෙන් මිලියන 232ක් ද වැය කොට ඇත. 
     
    වර්තමානයේ දී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් 22ක් වැනි මුදලක් වැය වන නමුත් එක් විදුලි ඒකකයක් රුපියල් 16ක් වැනි මුදලකට විකුණනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya