අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අප‍්‍රිකාවේ රාජකාරී සඳහා

    සැප්තැම්බර් 10, 2014

    එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල තීරණ 2149 (2014) අනුව එක්සත් ජාතීන්ගේ  බහුමාන ස්ථාවර කිරීමේ (ආගමික සාමාජීය හා සංස්කෘතික සංහිඳියාව ඇති කිරීමේ) මෙහෙයුම යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අපි‍්‍රකාවේ රාජකාරියෙහි යෙදවීමට නියමිතය.


    මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා ගුවන් යානා යොදවනු ලබන ප‍්‍රථම අවස්ථාව වන අතර එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 3ක් සමගින් නියමුවන්, ගුවන් යානා ඉංජිනේරුවන් සහ 122ක කාර්ය මණ්ඩලයක් මෙම රාජකාරි සඳහා අනුයුක්ත කෙරේ. අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ දිගුවක් ලෙස අංක 62 හෙලිකොප්ටර් බලපන්තිය ලෙසින් මොවුන් රාජකාරියෙහි නිරත වීමට නියමිත අතර කණ්ඩායම අතරින් නිලධාරීන් දෙදෙනෙකු මිනුස්කා (MINUSCA) මූලස්ථානයෙහි සම්බන්ධීකරණ රාජකාරියේ යෙදෙනු ඇත.


    මෙම එක්සත් ජාතීන්ගේ රාජකාරින් සඳහා ශ‍්‍රී ලංකා ගූවන් හමුදාව තෝරා ගැනීම සුවිශේෂී වූ ක‍්‍රියාවලියකට අනුව සිදු කරන ලදී. එහිදී නියමුවන්ගේ පරිණත භාවය, තාක්‍ෂණික දැනුම, පළපුරුද්ද, භට පිරිස්වල විනය ගරුක බව සහ වෘත්තීය නිපුණත්වය යන අංගයන් පිළිබඳව කරනු ලැබූ සියුම් පරීක්‍ෂණයන් අවසානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම අවස්ථාව ලබාගැනීමට හැකියාව ලැබුණි.


    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම වෘත්තීමය සාර්ථකත්වය ගුවන් හමුදාවට පමණක් නො ව සමස්ත ශ‍්‍රී ලංකාවට ම ජයග‍්‍රහණයක් වන අතර ශ‍්‍රී ලාංකීය හමුදාවන් පිළිබඳව අන්තර්ජාතිකව තිබෙන විශ්වාසය සහ පිළිගැනීම මෙමගින් තවදුරටත් තහවුරු වේ. මීට අමතරව සුවිශේෂි වු ආර්ථික ප‍්‍රතිලාභයන් ද මෙසේ රටට හිමිවීමද මෙම ක‍්‍රියාවලියේ අගය වර්ධනය කිරීමට හේතු වී ඇත.


    භට පිරිස් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බැම, වෛද්‍ය ප‍්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක‍්‍රීය දායකත්වය මෙහිදී ලබා දෙනු ඇත.


    මීට අමතරව දකුණු සූඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධවීමට ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අවස්ථාව උදා වී ඇති අතර දැනට ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතී. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya