ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පසුගිය දිනවල පැවැති දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී කෘෂිකාර්මික ස්ථාන සඳහා විදුලිබලය ලබාදෙන ලෙස ජනතාවගෙන් විශාල ඉල්ලුමක් පැවැති බවත් ඉදිරියේ දී ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
මේ වන විට දෛනික විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2000කි. ලක්විජය බලාගාරය විවෘතවීමත් සමග දෛනිකව මොගාවොට් 900ක් ජාතික විදුලි බද්ධතියට එකතු වේ. සාම්පූර් බලාගාරයේ මෙගාවොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වේ.
ඉදිරියේ දී දූපත් ජනතාවට ද විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් සභාපතිවරයා ලක්විජය බලාගාරය නොතිබුණේ නම් පසුගිය කාලයේ ඇති වු නියඟය හරහා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට නොහැකි වන බවද පැවසීය.
පසුගිය දිනවල පැවැති වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම 20%ක් දක්වා අඩුවිය. ජල විදුලි උත්පාදනය 40% ප්‍රමාණය 15%ක් දක්වා අඩුවිය. විදුලි උත්පාදන කටයුතු 85%ක් ම සිදු කිරීමට වුයේ තෙල් මගින්. ඒ නිසා බිලියන ගණනක් ගෙවීමට සිදු විය.
විදුලි නිෂ්පාදනය සඳහා ජලය යොදා ගැනීම ලාබදායි ක්‍රමය බවත් පෙන්වා දුන් සභාපතිවරයා එමගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 3.70ක් පමණ වැය වන බවත් ගල් අඟුරුවලින් විදුලි නිෂ්පාදනයේ දී ඒකකයක් සඳහා රුපියල් 9ත් 10ත් අතර මුදලක් වැය වන බවත් පෙන්වා දුන්නේය.
ලක්විජය බලාගාරය ඉදිකිරීමේ සැලසුම් සකස් වුයේ 1984වසරේ බවත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි ව පැවැතිය ද වත්මන් රජය 2011 වසරේ දී එහි පළමුවැනි අදියර ආරම්භ කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා පසුගිය කාලයේ දී විවිධ මාධ්‍ය හරහා ලක්විජය බලාගාරය සුදු අලියෙක් ලෙසින් හඳුන්වාදී තිබුණ ද අද එය යථාර්ථයක් වී ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
DB