අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යතුමා බංගලාදේශයේ ජාත්‍යන්තර සමුළුවක

    සැප්තැම්බර් 09, 2014

    බංගලාදේශයේ ඩකාහි පැවැති දැරියන්ගේ සහ කාන්තාවන්ගේ සාක්ෂරතාව හා අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට   (International Conference on Girl's and Women's Literacy and education) සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (08) එම සම්මේලනයේ විශේෂ දේශනයක් පැවැත්වීය.


    මෙරට දැරියන්ගේ හා කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් අමාත්‍යතුමා මෙහිදී අදහස් දැක්වීය. 


    ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසම් සභාවේ සභාපති හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා මෙම සම්මේලනයට සහභාගි විය. 

     

    බංගලාදේශ ජනරජය යුනෙස්කෝ ආයතනයේ සහයෝගය ද ඇතිව මෙම සම්මේලනය සංවිධානය කරනු ලබයි. අධ්‍යාපන අමාත්‍යවරුන්, යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්, සාර්ක් රටවල නියෝජිතයන් ඇතුළු රටවල් හා සංවිධාන රැසක නියෝජිතවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. 

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya