අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ක්‍රමය නෙවෙයි වෙනස් විය යුත්තේ එහි වැරදි තැනුයි නිවැරදි විය යුත්තේ

    සැප්තැම්බර් 09, 2014

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි ඇතැම් අය කියනවා. නමුත් එහි වැරැද්දක් පෙන්වන්නේ නැහැ. ජනාධිපති ක්‍රමය නෙවෙයි වෙනස් විය යුත්තේ එහි වැරදි තැනුයි නිවැරදි විය යුත්තේ යැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.


     ඒ මහතා ඒ බව පැවසුයේ සමස්ත ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙවන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.  උත්සවය පසුගියදා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


     මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, ලොව පුරා පුවත්පත් දෙස බලපුවාම අපේ මාධ්‍ය කලාව ඉහළ මට්ටමක තියෙනවා. එය අපට සතුටක්. නමුත් එය ‍කොපමණ හොඳද නරකද කියලත් කල්පනා කළ යුතුයි.  රටේ තියෙන ඔක්කොම වැරදි පත්තරවල තියෙනවා.  ඒ වාගේම ආර්ථිකය හා සංස්කෘතිය පිළිබඳවත් කරුණු ඇතුළත් විය යුතුයි.  ඒ සම්බන්ධයෙන් පත්තරවල තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. 


     
    වෙනත් රටවල දහස් ගණන් මිය ගියත් ඒවා මාධ්‍යවල පෙන්වන්නේ නැහැ. ඒ මාධ්‍යකරුවන් තමන්ගේ රට ගැන අභිමානයෙන් වැඩ කරනවා. සාමාන්‍ය පිළිගැනීමට අනුව පැරණි ම ජනමාධ්‍ය පුවත්පතයි. නැත්නම් පත්තරයයි. පත්තර කලාව ඇති වුණේ යුරෝපයේ.  දියුණු ‍වුණෙත් යුරෝපයේ.  ඒත් අද වෙනකොට යුරෝපයේ පත්තර කලාව විනාශ වේගන යනවා. පාඨකයෝ පත්තර බලන්නේ නැහැ. අලෙවිය ශීඝ්‍රයෙන් පහළට යනවා. අලුත්ම සමීක්ෂණයකට අනුව එංගලන්තයෙන් 25%ක්, ඇමරිකාවේ 30%, ග්‍රීසියේ 20%, කැනඩාවේ 17%ක් යනාදි වශයෙන් පත්තර අ‍ලෙවිය පහත වැටිලා තියෙනවා.  මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ලෝක පත්තර කලා සංවිධානය (World Association of Newspaper) කියලත් කියනවා. 



    මේකට හේතු ලෙස බොහෝ අය විවිධ හේතු දක්වනවා.  ඒ හේතු කෙසේ වෙතත්, පත්තර අලෙවිය පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණේ විශ්වාසය බිඳ වැටීමයි. පත්තරයට තියෙන පාඨක විශ්වාසය බිඳ වැටුණොත් ඒ පත්තරයට අනාගතයක් නැහැ. අල්ලස්, දූෂණ, සොරකම් මැරකම් වහන්න හොඳ නැහැ.  හෙළිදරව් කළ යුතුයි.  නමුත් ඒවා කළ යුත්තේ එම වැරදි නැති කරන අදහසින් මිස ද්වේශ සහගත ව නො වේ.


    ලෝකයේ හිටපු හොඳ ම මාධ්‍ය ගුරුවරයා බුදුන් වහන්සේයි. උන්වහන්සේගේ ඉගැන්වීම්වලට මේ වෘත්තියේ යෙදුනොත් පත්තර වහන්න වෙන්නේ නැහැ.


    මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්‍ය්‍ය පූජ්‍ය දිවියගහ යසස්සී හිමි, බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අත්තුඩාවේ පියරතන හිමි ඇතුළු මහා සංඝරත්නයත්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ, දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර, ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙරනරත් මහතා ඇතුළු ජනමාධ්‍යවේදීහූ විශාල පිරිසක් සහභාගී වූහ. 

     

    ECB

     
     


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya