අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානයට නාම යෝජනා රැසක්

    සැප්තැම්බර් 09, 2014


    “ඉ - ස්වාභිමානී 2014“ ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා දෙසිය පණහකට ආසන්න ප්‍රමාණයක් ලැබී  තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.


    ඉ - රාජ්‍ය  හා ආයතනයන්, ඉ-අධ්‍යාපන හා ඉගෙනුම්, ඉ - සංස්කෘතිය හා උරුමයන්, ඉ - වාණිජ්‍ය හා ව්‍යාපාර, ඉ- සෞඛ්‍ය හා පරිසරය, ඉ- විනෝදාංග හා ක්‍රීඩා, ඉ- විද්‍යා හා තාක්ෂණ, ඉ- අන්තර්ග්‍රහණය හා සහභාගිත්වය, ජංගම අන්තර්ගතයන් (m - අන්තර්ගතයන්) යන ක්‍ෂේත්‍ර යටතේ මේ සඳහා අයදුම්පත් කැඳවු බව නියෝජිතායතනය පවසයි.

    මෙම ලැබී තිබෙන අයදුම්පත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් හමුවේ විනිශ්චයට ලක් කිරීම ඉදිරි සති කිහිපය තුළ දී සිදුකෙරේ.
    මෙවර සම්මාන ප්‍රදානය පවත්වනු ලබන්නේ පස් වන වරට වන අතර ලබන නොවැම්බර් මාසයේදී එය කොළඹදී පැවැත්වේ. නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානයේ අරමුණ බව නියෝජිතායතනය පවසයි.


    මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණ කරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවන බව නියෝජිතායතනය පවසයි. www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකි වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya