අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    සැප්තැම්බර් 10, 2014

    අද (10) දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩුවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කෙසේ වෙතත්, විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    ත්‍රිකුණාමලයට හා මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    යාපනයට හා අනුරාධපුරයට ප්‍රධාන වශයෙන් වැසි නොමැත. මන්නාරමට ගිගුරුම් සහිත වැස්සක් ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4°C ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9°C නුවරඑළියෙන් ද මි.මී. 50.7ක උපරිම වර්ෂාපතනය රත්නපුර කරගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya