මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව උදාකර ගත් සාමය දෙකඩ කිරීමට බටහිර රටවල් කුමන්ත්‍රණ කරනවා Featured

    සැප්තැම්බර් 08, 2014

    තිස් වසරක කාලයක් පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට උපකාර නොකළ බොහෝ බටහිර රටවල්, ශ්‍රී ලංකාව උදාකර ගත් සාමය දෙකඩ කිරීමට කුමන්ත්‍රණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    ත්‍රස්තවාදය නිසා රටක් පීඩාවට පත්ව සිටින විට එම රට මුදා ගැනීමට කටයුතු කළ යුතු නමුත් එරට විනාශ කිරීමට අනුබල නොදිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා කීවේය. 

    දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි කියුබාවේ විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ එඩියුර්ඩෝ රුද්‍රිගෝස් පාරිල්ලා (Bruno Edurdo Rodrguez Parilla) මහතා ඊයේ (07) පස්වරුවේ විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා හමුවිය. එහිදී පැවැති සාකච්ඡාවේදී කියුබානු විදේශ ඇමතිවරයා හමුවේ අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.



    කියුබාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පැවැති ද්වීපාර්ශ්වීය සබඳතා සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා රටේ සබඳතාව තව දුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂා කරන බව කීවේය.


    යුද්ධයෙන් දැඩි පීඩාවට පත් ශ්‍රී ලංකාවට උපකාර කරනු වෙනුවට එම රටවල් ශ්‍රී ලංකාවේ සාමය කඩ කිරීමට කුමන්ත්‍රණ කරන බවත් එය අප රටට පමණක් නො ව සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකට ම පොදු කරුණක් බවට පත් කර ගෙන ඇතැයි කීවේය.

    නමුත් ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා රටවල් රැසක සහයෝගය ලැබුණු බවත් ඒ යටතේ කියබානු රජය ලබා දුන් සහයෝගයට සිය කෘතවේදීත්වය පළ කරන බව අග්‍රාමාත්‍යතුමා කීවේය. එමෙන්ම කියුබානු රජය හා ශ්‍රී ලංකා රජය අතර තව දුරටත් අධ්‍යපනික, සංචාරක හා වෙළෙඳ සබඳතා පවත්වා ගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා කියුබානු විදේශ ඇමැතිවරයා හමුවේ කීවේය.



    මෙහිදී අදහස් දැක්වූ කියුබාවේ විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ එඩියුර්ඩෝ රුද්‍රිගෝස් පාරිල්ලා මහතා සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත් බවත් ද්විපාර්ශ්වීය සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සිය රජයේ ද අපේක්ෂාව වන බව කීවේය.
    වෙළඳ, අධ්‍යපනික, සංස්කෘතික, සංචාරක යන අංශ සඳහා ශ්‍රී ලංකාවේ සමීප සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව කී විදේශ ඇමතිවරයා ඒ සඳහා ගිවිසුම්වලට එළැඹීමට ද සිය කැමැත්ත පළ කළේය.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ද කියුබානු රජයේ නියෝජිතයන් කිහිපදෙනෙක් ද සහභාගී වී සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya