මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    සැප්තැම්බර් 08, 2014

    අද (08) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ද තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

     

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ගාල්ල සහ කොළඹට විටින් විට වැසි ද  ඇති වේ.


    යාපනය හා අනුරාධපුරයට වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ත්‍රිකුණාමලයට හා මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද අලුයම 5.30 වන විට මි.මී. 22.6ක වර්ෂාපතනයක් රත්නපුරින්‍ වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1°C නුවරඑළියෙන් ද මි.මී. 32.0ක උපරිම වර්ෂාපතනය කැනියොන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya