මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් විශේෂ මිල අඩුකිරීමක්

    සැප්තැම්බර් 08, 2014
    ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය පාරිභෝගිකයින්ට තවදුරටත් පහසුකම් සලසමින් ලෝකයේ සුන්දරතම සහ ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රසිද්ධ ගමනාන්ත වන බීජිං, ෂැංහයි, ටෝකියෝ සහ සිංගප්පූරුව වෙත සහනදායී මිලකට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමට කටයුතු යොදා තිබේ.
     
    ලෝකයේ යටිතල පහසුකම් අතින් දියුණු රටක් වන චීනයේ ෂැංහයි සහ  බීජිං නුවර වෙත විශේෂ මිල අඩු කිරීමක් යටතේ ලැබෙන මෙම ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන  සංචාරය කිරීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.

     එහිදී නගරය තුළ ඇති අභ්‍යන්තර දුම්රිය මාර්ග ජාලයත්, තාක්ෂණික දියුණුව ලොවට කියාපාමින් නිර්මාණය කරන ලද ලොව විශාලත ම අධිවේගී දුම්රිය මාර්ගවල ගමන් කිරීමට අවස්ථාව උදා වනු ඇත. තවද  චීනයට ආභරණයක් බඳු සුප්‍රසිද්ධ චීන මහා ප්‍රාකාරය දැකගැනීමටත්, අහස් කුසට නෙරා ගිය මහල් සිය ගණනකින් යුත් සුවිසල් ගොඩනැගිලි, කුලුණු, ගුවන් පාලම්, විශාල මාර්ග පද්ධති, කෞතුකාගාර සහ  ආකර්ෂණීය ස්ථාන රැසක් ද දැක බලා ගැනීමට මේ අනුව අවස්ථාව හිමිවේ. මේ සඳහා ගුවන් ගත වීම වලංගු වන්නේ සැප්තැම්බර් 25 වැනිදා දක්වා වන අතර, සතියකට ගුවන් ගමන් වාර 4 බැගින් ෂැංහයි සහ  බීජිං වෙත මෙහෙයුම් සිදුකරයි. 
      
    එසේම ජපානයේ ටෝකියෝ නුවරට යාම සඳහා ලබාදෙන විශේෂ මිල අඩු කරන ලද ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ජපානයේ සුන්දරතම ස්ථාන දැක බලා ගැනීමටත් දැන් අවස්ථාව උදා වී ඇත. එනම් අයිෆල් කුලුණේ ආකෘතියට විශ්මජනක අන්දමින් නිර්මාණය කරන ලද ටෝකියේ කුලුණ දැක ගැනීමටත්, සුප්‍රසිද්ධ වෙළෙඳසැල්, රසවත් භෝජනාගාර, මින් මැඳුරු, තාක්ෂණයෙන් ඉහළ ම ස්ථානයක තිබෙන විදුලි සෝපාන ඇතුළු බොහොමයක් ආකර්ෂණීය ස්ථාන ද දැක බලාගැනීමට අවස්ථාව සැලසේ. ශ්‍රීලංකන් ගුවන් සේවය ජපානය වෙත සතියකට ගුවන් ගමන් වාර 4 බැගින් ගුවන් මෙහෙයුම් සිදුකරන අතර ගුවන් මගීන් විශාල ප්‍රමාණයක් සඳහා මෙයින් පහසුකම් රැසක් සැලසේ. මේ සඳහා නොවැම්බර් 30 වෙනි දින දක්වා අවස්ථාව හිමිව තිබේ. 

    ආසියාවේ ප්‍රධානත ම සංචාරක කලාපයක් සේ ම ප්‍රබල ආර්ථික කේනද්‍රස්ථානයක් වන සිංගප්පූරුවට යාම සඳහා විශේෂ මිල අඩු කිරීමක් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. දිනකට ගුවන් මෙහෙයුම් දෙවරක් සිදුකරමින් පහසු ගුවන් ගමන් සලසාදෙන ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නවතම මිල අඩු කිරීම් තුළින් පාරිභෝගිකයන්ට වඩාත් සහනදායි සේවාවන් ලබාදීමට කටයුතු කර ඇත.  සංචාරක ආකර්ෂණය දිනූ සිංහ හැඩති වතුර මල ඇතුළු චමත්කාර උද්‍යාන, හෝටල් සහ සාප්පු සංකීර්ණ වෙත සංචාරය කිරීමට මෙහිදී අවස්ථාව උදා වේ. ඒ සඳහා ගුවන් ගත විය හැක්කේ නොවැම්බර් 30 වෙනිදා දක්වා පමණි.ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ලබාදෙන මෙම විශේෂ මිල අවම කළ ගුවන් ප්‍රවේශ පත් මිලදී ගෙන ඇදහිය නොහැකි අත්දැකීම් රැසක් ලබාගැනීමට පාරිභෝගික සැමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya