මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05ක්

    සැප්තැම්බර් 07, 2014
    ජපානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05ක් අත්සන් කරන ලද අතර ඉන් ගිවිසුම් 03ක් ඊයේ (06) දිනයේ ද, දෙකක් අද (07) දිනයේ දී ද අත්සන් තබන ලදී.
     
    ඒ අනුව සමුද්‍රික රටවල් අතර නව හවුලක් ඇතිකර ගැනීම වෙනුවෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද, ජපානය වෙනුවෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමාද අත්සන් කොට ඇත.
     
    භෞමික රූපවාහිනි විකාශ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය  (Digitalization of Terrestrial Television Broadcasting Project )" සඳහා යෙන් ණය අවබෝධතා ලිපි හුවමාරු කරගැනීමට අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබු හිතෝ හොබෝ මහතා ද අත්සන් කොට ඇත.
     
    ඊයේ අත්සන් කරනු ලැබ ඇති ගිවිසුම්,
     
    ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යංශයත් ජපානයේ ආර්ථික වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යංශයත් අතර අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය ශක්තිමත් කිරීම සඳහා වු ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන හා ජපානය වෙනුවෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය නොරිහිකෝ ඉෂිගුරෝ සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ ගිනිකොන දිග සහ නිරිත දිග කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තකියෝ යමාඩා මහතා ද අත්සන් කරනු ලැබූහ.
     
    කෘෂිකර්මාන්තය සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා ද, ජපානය වෙනුවෙන් කෘෂිකර්මාන්ත, වන සම්පත් සහ ධීවර කටයුතු අමාත්‍යංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප ඇමති හිසාඕ හරිහරා මහතා ද අත්සන් කොට ඇත. මෙම ගිවිසුම ජපානයේ කෘෂිකාර්මික, වන සම්පත් සහ ධීවර කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත අමාත්‍යංශය අතර සිදු විය.
     
    ජපානයේ අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය අතර විද්‍යා, තාක්ෂණ සහ නව්‍යකරණ ක්ෂේත්‍රවල සහයෝගිතාව සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම වෙනුවෙන් ද අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මේ වෙනුවෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ධාරණී එස්. විජේතිලක මහත්මිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ද, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා ජපානය වෙනුවෙන් ද ඊට අත්සන් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya