මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්සලට තවත් සම්මානයක්

    සැප්තැම්බර් 07, 2014
    ඉන්දීය වෘත්තීය පත්‍ර මාධ්‍යවේදී සම්මේලනය මගින් ලක්සල ආයතනයේ පාරිභෝගික සේවය, දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන්වලට මුල් තැන දීම හේතුවෙන් දකුණු ආසියාවේ විශිෂ්ටතම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ භාණ්ඩ අලෙවිකරණය වෙනුවෙන් ඉටු කරන විශිෂ්ට සේවය වෙනුවෙන් 2014 විශිෂ්ටතම සම්මානයක් පිරිනමා ඇත.
     
    වසර 1950දී ආරම්භ කරන ලද ඉන්දීය වෘත්තීය මාධ්‍යවේදී සම්මේලනය ප්‍රාන්ත 35ක් නියෝජනය කරන මාධ්‍යවේදීන් 30,000කින් සමන්විතය. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේදී ඉකුත් වසරේ පැවැත්වීමේදී එයට සහභාගි වූ නියෝජිතයන් ලක්සල පාරිභෝගික සේවය ලබාගත් අතර ඉන්දීය මාධ්‍ය නියෝජිතයන්ගේ ඉමහත් ඇගයුමට ද එය ලක්වී තිබිණි. කලක් පාඩු ලබන ආයතනයක්ව තිබූ ලක්සල එහි සභාපති ලෙස අනිල් කොස්වත්ත මහතා පත්වීමත් සමඟම නවීකරණයට ලක් වෙමින් දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියා බවට පත් විය.
     
    ලක්සල ලැබූ සම්මාන සහතිකය ඉන්දීය වෘත්තීය මාධ්‍යවේදී සම්මේලනයේ ප්‍රධාන ලේකම් පරමානන්ද් පාණ්ඩේ මහතා විසින් ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා වෙත භාර දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya