මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබා විදේශ කටයුතු පිළිබඳ ඇමති අද දිවයිනට

    සැප්තැම්බර් 07, 2014

    කියුබා විදේශ කටයුතු පිළිබඳ ඇමති Bruno Rodrguez Parilla මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණේ.


    මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ එක්සත්බව හා ඒකීයභාවය වෙනුවෙන් අභීතව ජීවිත පරිත්‍යාග කළ උත්තරීතර රණ විරුවන් සිහිකර Parilla මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණ විරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දැක්වීමටද නියමිතය.


    Parilla මහතා විසින් ශ්‍රී ලාංකීය ගැමි පරිසරය, එහි අංග, ආවේණික ගැමි ලක්ෂණ, ගැමියන් සහ ඔවුන්ගේ චර්යාවන්, ඇදහීම්, කර්මාන්ත සහ වෙනත් ජීවනෝපායන්, දේශීය වෙදකම ඇතුළු ගමක සියලු පරිපූර්ණ අංගයන්ගෙන් සමන්විත බත්තරමුල්ල “අපේ ගම“ නැරඹීමට ද සැලසුම් කර ඇත.

     

    කොළඹ විහාර මහා දේවී උද්‍යානය ද නරඹා තම චාරිකාව සිහිවීම පිණිස පැළයක් රෝපණය කිරීම ද ඒ මහතා සිදුකරයි.


    මෙම සංචාරයේදී කියුබා විදේශ කටයුතු පිළිබඳ ඇමති විසින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    කියුබාව හා ලංකාව අතර සන්නිවේදන සබඳතා වර්ධනය කිරීමේ පියවරක් ලෙස මෙහිදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා කියුබා ගුවන් විදුලි හා රූපවාහිනී ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya