මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා අද දිවයිනට Featured

    සැප්තැම්බර් 07, 2014

    ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා නිල සංචාරයක් සඳහා අද (07) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වීමට නියමිතය.


    ජපන් අග්‍රාමාත්‍යවරයෙකු ලංකාවට පැමිණෙන්නේ අවුරුදු 24කට පසුව වන අතර පසුගිය වසරේ මාර්තු මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ජපානයේ කරන ලද සංචාරයේදී ජනාධිපතිතුමන් විසින් කරන ලද ආරාධනාවකට අනුව ජපන් අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණේ.


    ජපන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තය එතුමා අතින් විවෘත කිරීමට නියමිතය.


    මෙම සංචාරයේදී ජපන් අග‍්‍රාමාත්‍යවරයා රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. එහිදී දෙරට අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් පුළුල් කරමින් ජනාධිපතිතුමා සහ ජපන් අග‍්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


    ඉන් අනතුරුව පාර්ලිමේන්තු නිරීක්ෂණ චාරිකාවක නිරත වන අග‍්‍රාමාත්‍යවරයා‍ එදින රාත‍්‍රී කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී ශ‍්‍රී ලංකා හා ජපන් ව්‍යාපාරික හමුවට සහභාගී වන අතර එහිදි ජපන් හා ශ‍්‍රී ලාංකික ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.


    මීට අමතරව ජනාධිපති ආර්යාව සහ ජපන් අග‍්‍රාමාත්‍ය ආර්යාව ඇතුළු නියෝජිත පිරිසක් ලක්සල සහ මට්ටක්කුලිය කාල්ටන් ළදරු පාසල නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වීමට නියමිතය.


    ලබන 08 වැනි සඳුදා පෙරවරුවේ ජපන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ශ‍්‍රී ලංකා නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya