මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් උතුරේ සංචාරයක

    සැප්තැම්බර් 05, 2014

    උතුරේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජෝන් රෑන්කින් මහතා විසින් පසුගියදා බිතාන්‍ය ආධාර යටතේ පවත්වාගෙන යන පොලිස්-ප්‍රජා වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කරන ලදී.

     

    පුදුකුඩිරිප්පු පොලිස් සථානය වෙත පැමිණි රෑන්කින් මහතා මෙම වැඩසටහන තුළින් ප්‍රදේශයේ පොලිස්-ප්‍රජා සම්බන්ධතාවයේ වෙනසක් ඇති වී ඇත්දැයි සාකච්ඡා කළේය.

     

    ආසියා අරමුදල හා එක්ව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රජා-පොලිස් වැඩසටහනට ආධාර සපයන අතර එමඟින් ප්‍රදේශයේ ජනතාව හා පොලිසීය අතරත් සම්බන්ධතාවන් වර්ධනය හා පොලිසීය විසින් ඉටු කරනු ලබන කාර්යයන් පිළිබඳව ප්‍රජාවගේ දැනුවත්වීමත් අපේක්ෂා කෙරේ.

     

    2012 වසරේ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර රටේ පළාත් 9ක පොලිස් ස්ථාන 142ක ක්‍රියාත්මක වෙමින් පවතී.

     

    මෙම වැඩසටහන මඟින් අපේක්ෂිත අරමුණු අතර ප්‍රජා-පොලිස් විනිශ්චයන්, බයිසිකල් මුර සංචාරයන්, චෝදනා/පැමිණිලි සටහන් ක්‍රම සහ ප්‍රජා දැනුවත් වීමේ වැඩසටහන් තුළින් පොලිස් ක්‍රියාකාරකම් සමඟ ජනතාවගේ සබඳතාව වැඩි දියුණු කිරීම ප්‍රමුඛතාවක් ගනියි. පොලිසිය කෙරෙහි ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එමඟින් දායකත්වයක් ලැබේ.

     

    දෙමළ භාෂාව ප්‍රමුඛතාවක් ගන්නා ප්‍රදේශ තුළ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ දෙමළ භාෂාව දියුණු කිරීම සහ සුළු ප්‍රජාව වෙත පොලිස් කාන්තාවන්ගේ සංවේදිතාව තහවුරු කිරීමත් මෙයින් අපේක්ෂා කෙරේ.

     

    මෙම වැඩසටහනට සහභාගී වූ පොලිස් කාර්යමණ්ඩලය හා ග්‍රාමීය ප්‍රජාව සමඟ කතාබස් කිරීමට තමන් කැමැත්තෙන් සිටි බව සිය සංචාරය පිළිබඳ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.

     

    එහිදී, ප්‍රජාව පොලිසිය පිළිබඳ ව ඇති විශ්වාසය වර්ධනය වී ඇති බවත් අපරාධ මර්දනය සඳහා පොලිසියේ දායකත්වය පිළිබඳ අවබෝධයක් ලබා ඇති බවත් විවෘත ව සිය අදහස් ප්‍රකාශ කළ ජනතාවගෙන් පැහැදිලි වූ බව රෑන්කින් මහතා පැවසීය.

     

    දීර්ඝ කාලීන පුනරුත්ථාපන හා සමඟි සන්ධානය සඳහා ප්‍රාදේශීය ප්‍රජාව හා සිවිල් පරිපාලනය අතර විශ්වාසය වැඩි දියුණු වීම ඉතා වැදගත් බව ද ඒ මහතා පැහැදිලි කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya