මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය වේ

    සැප්තැම්බර් 05, 2014

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කර අන්තර්ජාලයට එක්කිරීම පසුගියදා ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.


    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගනුදෙනුකරුවන්ට, සේවාදායකයින්ට, මහජන නියෝජිතයින්ට සහ අනෙකුත් ආගන්තුකයින්ට මෙම නව වෙබ් අඩවියට පහසුවෙන් පිවිසීමට හා එහි සේවා පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම නව වෙබ් අඩවිය ආකර්ෂණීය ලෙස සකස් කර ඇත.

     

    මෙහි සේවාවන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මෙන් ම ඒ ඔස්සේ තව දුරටත් වෙබ් අඩවිය සංවර්ධනය කිරීමට හැකි වන ලෙස මෙය සකස් කර තිබීම විශේෂත්වයකි. ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවියට www.trc.gov.lk  ඔස්සේ පිවිසීමේ හැකියාව පවතී. මෙම වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ දීර්ඝකාලීනව සම්බන්ධතා පවත්වන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගනක පාසල මගින් මෙම කර්තව්‍යය ද ඉතාමත් හොඳින් සිදුකරන ලද බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya