මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුව රන් ණය පොලිය තවත් අඩු කරයි

    සැප්තැම්බර් 05, 2014

    මහජන බැංකුව රන් ණය උකස් පොලිය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව මහජන බැංකුවේ ස්වර්ණ ප්‍රදීප රන් භාණ්ඩ උකස් ණය පොලිය 12% දක්වා අඩුකර ඇති අතර, රන් පවුමක් සඳහා ප්‍රදානය කරන ණය මුදල රුපියල් 32,000 දක්වා වැඩිකර ඇත.

    දිවයිනපුරා පිහිටි මහජන බැංකුවේ 735කට අධික ශාඛා ජාලයේ ඕනෑ ම ශාඛාවකින් කඩිනමින් මෙම  සේවාව ලබා ගත හැකි අතර, ණය මුදල මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් සලසා ඇත.

     

    මීට අමරතව පීපල්ස් මොබයිල් බෑන්කින් සහ ඉන්ටනෙට් බෑන්කින් ඔස්සේ ඕනෑ ම ස්ථානයක සිට උකස් සේවා විමසීමේ සහ කලින් දැනුම් දී රන් භාන්ඩ බේරා ගැනීමේ පහසුකම් සලසා ඇත.

     

    එමෙන් ම උකස්කරු හදිස්සියේ මිය ගියහොත්, උරුමකරුවන්ට ණය ආපසු ගෙවීමේ විශේෂ සහනයක් ලබා දීමටද මහජන බැංකුව කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට මහජන බැංකුව 1963දී රන් භාණ්ඩ උකස් සේවාව හඳුන්වා දුන්නේය.

     

    රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත ව සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් ණය සේවාව ක්‍රියාත්ම වීම නිසා එතෙක් ගිනි පොලීකරුවන්ගේ ග්‍රහණයට නතුව සිටි ජනතාව ඉන් මුදා ගැනීමට හැකි විය. දිගු කාලීන පළපුරුද්ද, රහස්‍යභාවය උපරිමයෙන් සුරැකීම, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව, ඉහළ අත්තිකාරම් ප්‍රමාණය, සාධාරණ පොලී අනුපාතය, ලෙන්ගතු හා කාර්යක්ෂම ගනුදෙනුකාර සේවාව හේතුවෙන් අදටත් රන් භාණ්ඩ උකස් සේවාව වෙළෙඳපොළේ වැඩි ප්‍රතිශතයක් හිමිකර ගෙන ඇත්තේ මහජන බැංකුවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya