අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි වැඩකරන්නේ 21 වැනි සියවසේ මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා සමඟ යි

    සැප්තැම්බර් 05, 2014
    මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකේය ජනතාව විසින් ඉතා වැදගත් තීන්දුවක් ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කර ගැනීම අනාගතය උදෙසා සිදු කළ ආයෝජනයක් බව නැගෙනහිර කොළඹ ප්‍රධාන ආසන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසීය. 

    ප්‍රදීප් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ නාගරික බල ප්‍රදේශයේ ආසන නියෝජිත සම්මේලනය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රදීප් ගුණවර්ධන මහතා, “ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලබන වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඇතුළු තවත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති සියල්ලෙහි ඵල වර්තමානයේදී වඩාත් හොඳින් ජනතාවට අත් විඳ ගැනීමට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ සඳහා ජනාධිපතිතුමා සතුව ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් වීමත් හේතු වූ බවද පවසා සිටියේය. 

    එසේම විසි එක්වන සියවසේ මෙරටට පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයා ලෙස ජනාධිපතිතුමන් සමඟ එක්වෙමින් ජාතියක් නඟාසිටුවීමේ සමාජ මෙහෙවරට එක්වන්නට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, විපක්ෂය අද මොනවා කිව්වත් ජනාධිපතිතුමන් හා රජය ගෙන යන මේ වැඩපිළිවෙල ආපස්සට හරවාලන්නට හෝ නවතාලන්නට කිසිවකු සමත් නොවන බවත් ප්‍රදීප් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    "රට රකින නිල් පවුරට කොළඹ දිරිය" යන තේමාව යටතේ පැවති මෙම ජන රැළිය හා සම්මේලනයට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බටහිර කොළඹ ප්‍රධාන සංවිධායක නීතිඥ සෙනරත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු දස දහසකට අධික පිරිසක් රැස් ව සිටියහ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya