අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් මහ ඇමති ඉන්දියාවට යන්නේ නම් ඔහු රජයෙන් අවසර ලබාගත යුතුයි

    සැප්තැම්බර් 05, 2014
    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා යම් අවස්ථාවක ඉන්දියාවට යන්නේ නම් ඔහු ඊට පෙර රජයෙන් අවසර ලබාගත යුතු බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති කැබිනට් මාධ්‍ය  හමුවේදී ඒ පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    එය උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාට පමණක් නො ව සෑම පළාත් සභාවක ම ප්‍රධාන අමාත්‍යවරයාට පොදු කරුණක් බව ද සඳහන් කළේය. 


    මේ වන තෙක් එවැනි අවසර ඉල්ලීමක් කර නොමැත. අවසර ඉල්ලීමක් කළහොත් ඒ අනුව සලකා බැලීමක් සිදුකළ හැකියි. අමාත්‍යවරයකු වුවත් රාජ්‍ය නිලධාරියෙකු වුවත් විදේශ රටකට යෑමේ දී අවසර ලබාගත යුතු බවත් එවිට ඔහු වෙනුවෙන් වැඩ බලන්නකු පත් කිරීම සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

     

    NDH 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya