අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් වෙළඳ සමුළුවක් ලංකාවේදී

    සැප්තැම්බර් 05, 2014

    වර්ණ ගැන් වූ මැණික් කර්මාන්තයට ප්‍රතිලාභ සපයන ලෝකයේ එක ම ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය (The International Colored Gem Stones Congress (ICA)) සිය 16වැනි සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.


    මෙම සම්මේලනය 2015 මැයි 15 සිට 19 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය කටයුතු සැලසුම් කරයි.


    ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය සංවිධානය කරන වර්ණ ගැන් වූ මැණික් වෙළඳපොළ හා සම්බන්ධ මෙවැනි සම්මේලනයක් ලංකාවේ පැවැත්වෙන දෙවන වතාව මෙය වේ.


    මෙවර සම්මේලනයේ තේමාව වනුයේ “Sapphire & MORE” (නිල් මැණික් සහ තවත්) යන්නයි. සම්මේලනයට සමගාමීව ෆැසෙට්ස් සමුළු මැණික් ප්‍රදර්ශනය ('Facets Congress Gem Show') මැයෙන් ප්‍රදර්ශනයක් මැයි 15 සිට 18 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.


    මෙම සමුළුව සඳහා ලෝකය පුරා වෙසෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, මැණික් හා ආභරණ විද්වතුන්, වෘත්තිකයන්, නිෂ්පාදකයන්, වෙළඳපොළ නියුතුවූවන් හා සැපයුම්කරුවන් සහභාගී වනු ඇත. එමඟින් නව වෙළඳපොළ ජාලයක් නිර්මාණය කරගැනීමටත් නව ව්‍යාපාර අවස්ථා උදා කරගැනීමටත් හැකියාව ලැබේ. දේශීය මැණික් හා ආභරණ වෙළඳාමට වාසිදායක තත්වයක් උදාකිරීමට මෙම සම්මේලනය රුකුලක් වනු නොඅනුමානය.


    ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සහයෝගයෙන් (SLGJA) ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය විසින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක් ව ම සමුළුව සැලසුම් කරනු ලබයි.


    වර්ණ ගැන් වූ මැණික් සඳහා පවත්නා ජාත්‍යන්තර වෙළඳපොළේ 75%ක පමණ මිලදී ගැනීම් බලය හිමි කරගෙන සිටින ICA ලාභ නොඋපදවන ආයතනයක් වන අතර රටවල් 42ක සාමාජිකයින් 500කගේ නියෝජනයෙන් නිර්මාණය වූ ජාලයකි.

     

    මැණික් ගල් ප්‍රවර්ධනයේ සිට නිෂ්පාදනය දක්වා වූ විවිධ කරුණු පෙළ ගැස්වීම් මත ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික් ගල් සංගමය විසින් නිරතුරු ව මෙවන් සමුළු සංවිධානය කරනු ලැබේ. වර්ණ ගැන් වූ මැණික් ගල් වෙළඳාමේ විවිධ පුරුක් එකට සම්බන්ධ කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ වේ.


    ww.gemstone.org වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya