නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ සංවර්ධන කටයුතු දැන් අඩපණ වෙලා

    සැප්තැම්බර් 04, 2014
    උතුරේ ස්ථාපිත හමුදා කඳවුරු ඉවත් නොකරන බවත් පළාත් සභාව පිහිටුවීමට පෙර ඒ පළාතේ සිදු වූ දැවැන්ත සංවර්ධන වැඩ කටයුතු මේ වන විට අඩපණ වී ඇති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
     
    පාරේ බැස යාමට පවා නොහැකි වී තිබූ බිම් බෝම්බ ඉවත් කර සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අවස්ථාව සලසා ඇත. හමුදා කඳවුරු ඉවත් නොකරන බව ජනාධිපතිතුමාත් පැවසුවා. නමුත් උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ වෙනත් කරුණක් බවත් හමුදා කඳවුරු කොළඹත් පිහිටුවා ඇති නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම කඳවුරු කිසිවක් ඉවත් නොකරන බවත් ඔහු අවධාරණය කළේය.
     
    උතුරේ සංවර්ධන කටයුතුවල දී ආණ්ඩුව දුන් සල්ලි වියදම් කර නැහැ. වියදම් කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒ පළාතේ දැවැන්ත සංවර්ධන වැඩ දැන් අඩපණ වෙලා. පෙනී යන්නේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වන බවයි. සංවර්ධනය නැති නිසා පාඩුව ඇත්තේ එහි ජනතාවටයි. ඒ චෝදනාවත් අපට එල්ල වෙන්න පුළුවනි. පළාත් සභාවෙන් තොරව සිටි කාලයේ කළ සංවර්ධනය දැන් නැහැ කියලා ඒ පළාතේ ජනතාව ම පවසන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පළාත් සභාවෙන් රාජ්‍ය නිලධාරීන් පවා ඉවත් කරන්න කියා බලපෑම් කරනවා. රාජ්‍ය සේවා කොමිසමෙන් පත් කළ නිලධාරීන් ඉවත් කළ නොහැකියි. ආණ්ඩුකාරවරයා ගැන ඇති අනවබෝධය නිසා ගැටුමක් ඇති වුණේ. උතුරේ මහ ඇමති පත් වී ඇත්තේ මහජන ඡන්දයෙනුයි. පළාත් සභාවක් විසුරුවා හරින්නේ නම් ආණ්ඩුකාරවරයාගේ කැමැත්තෙන් පළාත් සභාව ගැන තීරණයක් ගෙන ආ යුත්තේ ප්‍රධාන අමාත්‍යවරයායි. ආණ්ඩුකාරවරයා පත් කරන්නේ රාජ්‍ය නායකයා නිසා ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමේ බලය රාජ්‍ය නායකයා සතු වුවත් ව්‍යවස්ථාව අනුව ජනතාව පත් කළ පළාත් සභාවක් විසුරුවා හරින්න ජනාධිපතිවරයාට නොහැකියි. ආණ්ඩුවට ඒ ගැන බලයක් නැතැයි ද ඔහු කීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya