මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දමිළ ජාතික සන්ධානයේ ඉන්දියානු සංචාරය රජයට ප්‍රශ්නයක් නො වේ

    සැප්තැම්බර් 04, 2014
    දමිළ ජාතික සන්ධානයේ ඉන්දියානු සංචාරය රජයට ප්‍රශ්නයක් නැති බවත් පැහැදිලි ව ම ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමාට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති විදේශ ප්‍රතිපත්තිය ගැන දැඩි විශ්වාසයක් පවතින බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ද්විපාර්ශ්වීය සාකච්ඡා ටී.එන්.ඒ. එකත් සමඟ නො ව මුස්ලිම් කොංග්‍රසය සමඟත් සිදු වේ. 13 වන බලතල ගැන රජයේ ස්ථාවරය කියා ඇත. එහි තින්දු තීරණ ගැනීම සිදු කරන්නේ තේරීම් කාරක සභාව ඉදිරිපත් වීමෙනි. පොලිස් බලතල නැතුව 13 වන සංශෝධනය ලබා දීම ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති බව ද අමාත්‍යවරයා කීය. 

    ප්‍රජාතන්ත්‍රවාදී ව බලන විට 13 වන සංශෝධනය ඉතා වැදගත් වේ. මෙහි රෙගුලාසි ඉන්දියානු ව්‍යවස්ථාවට වඩා ඉහළ බව ද ඔහු අවධාරණය කළේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya