මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ අද මිල ගණන්

    සැප්තැම්බර් 04, 2014
    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අද (04) කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ එම්.ඩී.ආර්. වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. 


    ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ අද ඉදිරිපත් වී නැත. එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 263.52ක් විය. ආර්.එස්.එස්. 02 රබර් වර්ගය ද අද කොළඹ රබර් වෙන්දේසියේ රුපියල් 244.00ක් විය.
     
    එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 256.00 විය. ආර්.එස්.එස්. 03 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය තුළ රුපියල් 238.00 විය.
     
    එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 257.00ක් විය.ආර්.එස්.එස්. 04 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුන අතර එහි පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 254.25ක් විය.
     
    ආර්.එස්.එස්. 05 වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුන අතර, එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 242.00 පැවතුණ බව සැලසුම් අධ්‍යක්ෂවරයා පවසයි.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya