මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් අගමැතිතුමා ප‍්‍රමූඛ දූත පිරිසක් ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක

    සැප්තැම්බර් 04, 2014

    ජපන් අග‍්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මැතිතුමා ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම මස (07) වෙනි දින පෙරවරුවේ නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    පසුගිය වසරේ ජනාධිපතිතුමා විසින් ජපානයේ කරන ලද සංචාරයේදී එතුමන් විසින් කරන ලද ආරාධනාවකට අනුව ජපන් අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

    එදින පෙරවරුවේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජ්‍ය නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ජපන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළි ගැනීම සිදු කෙරේ. ඉන් අනතුරුව ජපන් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තය ඉදිකිරීම් කටයුතු ඇරඹීමට නියමිතය. 
     

    මෙම සංචාරයේදී ජපන් අග‍්‍රාමාත්‍යවරයා රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. එහිදී දෙරට අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් පුළුල් කරමින් ජනාධිපතිතුමා සහ ජපන් අග‍්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.


    ඉන් අනතුරුව පාර්ලිමේන්තු නිරීක්ෂණ චාරිකාවක නිරත වන අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී පිළිගැනීමේ උත්සවයක් කථානායක චමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් සංවිධානය කර ඇත. එහිදී විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතය.


    එදින රාත‍්‍රී සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී ජපන් අග‍්‍රාමත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී ලංකා හා ජපන් ව්‍යාපාරික හමුවක් පැවැත්වෙන අතර එහිදි ජපන් හා ශ‍්‍රී ලාංකික ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

    මීට අමතරව ජනාධිපති ආර්යාව සහ ජපන් අග‍්‍රාමාත්‍ය ආර්යාව ඇතුළු නියෝජිත පිරිසක් ලක්සල සහ මට්ටක්කුලිය කාල්ටන් ළදරු පාසල නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වීමට නියමිතයි.


    මෙම මස (08) වෙනි දින පෙරවරුවේ ජපන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ශ‍්‍රී ලංකා නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.


    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya