මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් වෙනුවෙන් නව තැපැල් මුද්දරයක්

    සැප්තැම්බර් 04, 2014
    වෛද්‍ය වෘත්තිකයෙකු වුද, වන ජීවිතය හා ලංකාවේ වනාන්තර පිළිබඳ දැඩි ඇල්මක් දැක් වූ සුප්‍රසිද්ධ කතුවරයෙකු වන වෛද්‍ය රිචඩ් ලයනල් ස්පිට්ල් වෙනුවෙන් නව තැපැල් මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම ඊයේ (03) මුද්දර කාර්යාංශයේ දී සිදු කෙරිණි.
     
    මෙම නව මුද්දරය රුපියල් 10ක වටිනාකමින් යුක්ත වන අතර මුල්දින කවරය රුපියල් 30ක වටිනාකමකින් යුක්ත වේ.
     
    1881 දෙසැම්බර් 09 තංගල්ලේ දී උපත ලැබූ ආර්. එල්. ස්පිට්ල් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය. පසුව ලංකා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ ඔහු ඉන් 1905 දී Licentiate in Medicine and Surgery උපාධිය සමත් විය. ඉන් අනතුරුව ඔහු රාජ්‍ය වෛද්‍ය සේවයට එක්වූ අතර සිය උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා බ්‍රිතාන්‍යයට යවන ලදී. එහිදී සිය බද්ධ ඩිප්ලෝමාව 1908 දී නිමා කළ ඔහු 1909 දී රාජකීය ශල්‍ය වෛද්‍යවරුගේ විද්‍යායතනයේ ආශ්‍රිත සාමාජිකත්වය (FRCS) ලබා ගත්තේය.
     
    1910 දී නැවත ලංකාවට පැමිණි ඔහුට කොළඹ මහ රෝහලේ තෙවැනි ශල්‍ය වෛද්‍ය තනතුරට පත්වීම ලැබිණි. පසුව ජ්‍යේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් මෙන්ම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු 1935 දී විශ්‍රාම ගත්තේය.
     
    ස්වභාව විද්‍යාඥයෙක් ලෙස වෛද්‍ය ස්පිට්ල් මහතා ලංකාවේ වනාන්තරවල සංචාරවල නිරත විය. ඔහු එම සංචාරවලදී තුරුලතා පිළිබඳ ව මෙන් ම ලංකාවේ ආදිවාසීන් වන වැද්දන් පිළිබඳ ව ද අධ්‍යයනයේ නිරත විය. වෛද්‍ය ස්පිට්ල්ගේ එම අධ්‍යයන ඔහුව එවකට ඉතා අඩුවෙන් ලොව තේරුම් අරගෙන සිටි වැදි ජනතාව පිළිබඳ විශේෂඥයෙකු බවට පත් කළ අතර ඔහු සිය අධ්‍යයන කටයුතු උපයෝගී කරගෙන ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළේය. 
     
    ඔහුගේ නිර්මාණ අතර වයිල්ඩ් වයිට් බෝයි, වයිල්ඩ් සිලෝන්, Savage Sanctuary, Far-off Things, Where the White,  Sambhur Roams, Vanished Trails, Brave Island ආදී නවකතා ද Leaves of the Jungle පද්‍ය එකතූන් ද අ බේසිස් ඔෆ් සර්ජිකල් හාඩ් වර්ක්, Framboesia Tropica, Essentials of Surgery ආදී වෛද්‍ය පොත්පත් ද රචනා කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya