මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්ටේන් 92 ඉන්ධන භාවිතය පරිසර හිතකාමී පියවරක්

    සැප්තැම්බර් 04, 2014

    වත්මන් සමාජයේ නවීන වාහන භාවිතය ඉහළ බැවින් පරිසර හිතකාමී නොවන ඉන්ධන දහනය තුළින් වැඩි පරිසර දූෂණයක් සිදුවන අතර, ඔක්ටේන් 92 වැනි ගුණාත්මක භාවයෙන් ඉහළ ඉන්ධන මෙරටට හඳුන්වා දෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් පියවර අගය කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.


    දැනට මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදුකර ඇති දත්ත විශ්ලේෂණයන්ට අනුව 2010 වාහන වායු විමෝචනය හේතුවෙන් හයිඩ්‍රෝකාබන් ටොන් 167,000ක් අපගේ අවට වායුගෝලයට විමෝචනය වී ඇති අතර, කලින් පරිදි ඔක්ටේන් 90 පෙට්‍රල් දිගටම භාවිත කළේ නම් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ වායු ගෝලයට මුදාහරිනු ලබන හයිඩ්‍රෝකාබන් ප්‍රමාණය ටොන් 321,520ක් පමණ වේ යැයි වායු තත්ත්ව ආකෘති මගින් ලැබෙන ප්‍රතිඵල අනුව පෙන්නුම් කෙරේ. මෙය පාරිසරික වශයෙන් ඉතා අහිතකර තත්ත්වයක් විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

    මධ්‍යම පරිසර අධිකාරිය වායු තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග උපරිම ලෙස ගනිමින් සිටින අතර, තවදුරටත් වැඩිදියුණු කරන ලද පෙට්‍රල් භාවිත කරන්නේ නම් අපගේ වායුගෝලයට මුදා හැරෙන හයිඩ්‍රෝකාබන් ප්‍රමාණය අඩුකර ගත හැකි වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ අවට වායුගෝලීය තත්ත්වය ගුණාත්මක ලෙස ඉහළ නංවාගත හැකි වේ.

    අසම්පූර්ණ දහනය නිසා ඇති වන පිළිකාකාරක ලෙස හඳුන්වන බෙන්සීන්, ඩයොක්සීන් හා පියුරාන් වැනි දූෂණ කාරක වායුගෝලයට මුසුවීම ඉතා හොඳ තත්ත්වයේ ඉන්ධන භාවිතය තුළින් අඩුකර ගත හැකි වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya