මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස් වූ ශ්‍රී ලාංකික ධීවරයන් ගෙන ඒමට නාවික හමුදා සහය

    සැප්තැම්බර් 03, 2014

    ඉන්දීය අත්අඩංගුවේ පසු වී නිදහස් කරන ලද ශ්‍රී ලාංකික ධීවරයන් 23 දෙනෙකු යළි මව්බිමට ගෙන ඒමට නාවික හමුදාව අද (03) පහසුකම් සලසා දී තිබේ.


    මෙම ධීවරයන් සහ ඔවුන්ගේ ට්‍රෝලර් ධීවර යාත්‍රා 4 කන්කසන්තුරයට උතුරින් ඉන්දු - ශ්‍රී ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ විශ්වාස්ට් “Vishwast” නැවෙන් අද නාවික හමුදාවට භාර දීමෙන් අනතුරුව එම යාත්‍රා සහ ධීවරයින් පිරිස දිවයිනට රැගෙන විත් ඇත. 


    නාවික හමුදාවේ L 820 නැවෙන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ CG 48 නැවෙන් මෙම මානුෂීය මෙහෙයුම සඳහා සහයෝගය ලබා දී තිබේ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya