උතුරු නාවික විධානයට අයත් නාවික හමුදාවේ සාමාජිකයන් ලද තොරතුරක් මත යාපනයේ මාදගල් ප්රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 16ක් ඊයේ (02) සොයාගෙන තිබේ. නීතිවිරෝධීව ගෙන්වා ඇති එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලවාලෙයි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. NDH/navy media