මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් සිවිල් ජනතාවට යුද හමුදාවෙන් වෛද්‍ය සායනයක්

    සැප්තැම්බර් 03, 2014
    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මේ දිනවල මානුෂීය ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, පසුගිය ඉරිදා  මුලතිව් දිසා රෝහලේදී හෘද රෝග වෛද්‍ය සායනයක් සංවිධානය කරන ලදී.


    මේ සඳහා  කොළඹ ආසිරි පුද්ගලික රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන් හා 19 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය සහයක කාර්ය මණ්ඩලයක් එක් වූ අතර,  එම සායනය සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 207 දෙනෙක් සහභාගි වූහ.

     

    සායනයට පැමිණි සියලුම රෝගීන් සඳහා ප්‍රවාහන පහසුකම් 59 වන සේනාංකයේ සේනාංකාධිපති එන්.ඒ.පී.සී. නාපාගොඩ මහතාගේ උපදෙස් මත යුද හමුදාව විසින් සපයා දෙනු ලැබීය. 

     

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya