මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සියලුම පොලිස් ස්ථාන එකම ජාලයක් යටතට Featured

    සැප්තැම්බර් 03, 2014

    වීපීඑන් VPN (Virtual Private Network) තාක්ෂණ ක්‍රමය ඔස්සේ රටපුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන එකම ජාලයක් යටතට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පොලිස් මූලස්ථානයේදී ආරම්භ විය. 


    මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ පොලිස් සේවාව දියුණු කිරීම, මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වෙයි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන අනුග්‍රාහකත්වය දක්වයි. අදට (03) යෙදී තිබෙන 148 වැනි පොලිස් දිනයට සමගාමීව මෙය ආරම්භ කෙරිණි.

    රටපුරා ඇති 438ක් වූ සියලුම පොලිසිවල කාර්යයන් එකම ජාලයක් යටතට පත් කිරීම, පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ පොලිස්පතිවරයා මුණ ගැසීමකින් තොරව සාකච්ඡා පැවැත්වීම, නියෝග ලබාදීම, අපරාධකරුවන් කඩිනමින් කොටුකර ගැනීම සහ අපරාධ හඳුනාගැනීම, ඇඟිලි සටහන් වාර්තා, පොලිස් වාර්තා, චක්‍රලේඛ, පොලිස් මූලස්ථාන නියෝග ආදිය විනාඩි කීපයක් තුළ කඩිනමින් එහා මෙහා යැවීම මෙම විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ද සිදු කෙරෙනු ඇත.

     

    සෑම පොලිස් කොට්ඨාසයකම නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී කාර්යාල සහ පොලිස් ස්ථානවල මෙම ජාලයේ ශාඛා පිහිටුවා ඇත. පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට ඉන් එහාට සිටින සියලුම පොලිස් නිලධාරීන්ට මෙම ජාලයට සම්බන්ධ ජංගම දුරකතනයක් ලබාදී තිබේ. අංක හතරකින් යුත් නොමිලේ ක්‍රියාත්මක වෙන ‍එම දුරකතන ඔස්සේ සෑම පොලිස් නිලධාරියකුටම යම් පොලිසියකට හෝ ඉන් ඉහළට සිටින සෑම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හා සම්බන්ධ වී‍මටත් ප්‍රධාන වශයෙන් පොලිස් මූලස්ථානය සමඟ සම්බන්ධවීමටත් පහසුකම් සලසා දී තිබේ.

     

    ඒ අනුව ඕනෑම අපරාධයක් සිදු වූ වහා ම විනාඩි කිහිපයක් තුළ අපරාධකරුවන් කොටුකර ගැනීම, උපදෙස් ලබාදීම ආදිය මේ මඟින් සිදු කළ හැකි වේ. මහජනතාවගේ ගැටලුවලටද ඉතා කඩිනමින් පිළිතුරු ලබාදිය හැකි ක්‍රමයක් වන මෙය පළාත් පොලිස් කොට්ඨාසවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට විනාඩි කිහිපයක් තුළ එම පළාතේ සිට ඍජුව ම පොලිස්පතිවරයා සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසෙයි.

     

    පොලිස් සේවයේදී සියලුම රාජකාරී කර්තව්‍යයන් සඳහා ප්‍රවාහන වියදම් සහ දුරකතන බිල් ද පොලිස් නිලධාරීන්ගේ වියදම් සඳහා ද විශාල මුදලක් වැය වෙයි. මෙම වැඩපිළිවෙළ හරහා ‍එම මුදල් ඉතුරු වන අතර සේවාවද රාජකාරී කටයුතුද කාර්යක්ෂමව සිදු කර ගැනීමට අවස්ථාව සැලසෙන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙහිදී පැවසීය. 

     

    මෙහිදී කතා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම වැඩපිළිවෙළ රටේ ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නොනිමි මෙහෙවරක් බවයි.

     

    NDH/police media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya