මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලා තම්පෝ මහතාගේ අභාවය වෙනුවෙන් අගමැතිගේ ශෝක පණිවුඩය

    සැප්තැම්බර් 03, 2014

    ශ්‍රී ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැවැන්ත කම්කරු නායකයෙකු වන පිලිප්ස් බාලේන්ද්‍රන් තම්පෝ මහතාගේ අභාවය අසා මම බලවත් සංවේගයට පත්වීමි.

     
    මෙරට කම්කරු ව්‍යාපාරයේ හා වාමාංශික ව්‍යාපාරයේ ආරම්භක නායකයෙකු වශයෙන් ද, දීර්ඝ කාලයක් වෘත්තීය සමිතියක නායකත්වය දැරූ පුද්ගලයෙක් වශයෙන් ද, පිලිප්ස් බාලේන්ද්‍රන් තම්පෝ නොහොත් බාලා තම්පෝ මහතා මෙරට කම්කරු අයිතීන් උදෙසා කරන ලද මෙහෙවර අතිමහත්ය. අනේක වූ කම්කරු අරගල මෙහෙයවමින් වෘත්තීය අයිතීන් දිනා ගැනීම සඳහා සටන් පෙළ ගැස්වූ බාලා තම්පෝ මහතා, ශ්‍රී ලාංකේය වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ කීර්තිමත් නාමයක් දිනා ගත් වෘත්තීය සමිති නායකයෙකි.
     
    වර්ෂ 1922 මැයි මස 23 වන දින උපත ලබා 1943 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් හිමිකර ගත් බාලා තම්පෝ මහතා, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ කෘෂිකර්ම විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස පත්වීම් ලැබ සේවය කළ අවධියේ දී වැඩ වර්ජනයකට සහභාගි වී සිය රැකියාව අහිමි වීමකට ලක් විය. එතුමා සේවයෙන් ඉවත් කළ පසු මහනුවර දී පැවති “ඉංග්‍රීසි හටන” නම් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය ද, පෝස්ටර් ඇලවීම ආදී ක්‍රියා සඳහා එතුමා සමඟ මම ද පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ක්‍රියා කළෙමි. එතැන් පටන් වෘත්තීය සංගම් රැසකට නායකත්වය දුන් එතුමා, කාර්යාල පනත, කාර්මික ආරවුල් පනත, සේවය අවසන් කිරීමේ පනත, ජීවන වියදම් පාරි‍තෝෂිකය ලබා ගැනීම ආදිය සඳහා ඍජුව මැදිහත් වූ බාලා තම්පෝ මහතා, එවැනි වෘත්තීය අරගල රැසකට නායකත්වය, කැපවීම පමණක් නො ව නිවැරදි මාර්ගෝපදේශනය ලබා දුන් ජාවාදික සුවිශේෂී වෘත්තීය සමිති නායකයෙක් විය. කම්කරු සටන්, පන්ති අරගල, මාර්ක්ස්වාදී දර්ශනය පමණක් නොව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අතිශය පරමාදර්ශී චරිතයක් වන බාලා තම්පෝ මහතාගේ අභාවය මෙරට කම්කරු ව්‍යාපාරයට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. 

    කිසිදා නොමියන මිනිසකු ලෙස අප අතරින් සදහට ම සමුගත් පිලිප්ස් බාලේන්ද්‍රන් තම්පෝ නොහොත් බාලා තම්පෝ මැතිතුමාට මොක් සුව අත්වේවා! යි ප්‍රාර්ථනා කරමි.

    ආචාර්ය දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya