මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පීන් ලියාපදිංචි විය යුතුයි Featured

    සැප්තැම්බර් 03, 2014
    නව ක්‍රමවේදය යටතේ හඳුන්වාදීමට නියමිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගන්නා සෑම ඡායාරූප ශිල්පියෙකු ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය කටයුත්තක් බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    එළැඹෙන ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පසුගිය දිනවල දී එම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20ක ජංගම සේවා පවත්වා ඇති නමුත් එම අවස්ථාවලදී ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ලැබුණු අයදුම්පත් ප්‍රමාණය 5000ක් තරම් බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
     
    එම ජංගම සේවා පැවැත්වීම සඳහා කැෆේ සංවිධානය අතහිත දුන් බව පෙන්වා දුන් සරත් කුමාර මහතා ඌව පළාත් මැතිවරණය වෙනුවෙන් නව හැඳුනුම්පත් 30,000ක් පමණ නිකුත් කොට ඇති බවත් 2000කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාවලිය තුළ පවතින බවත් එම සියලු හැඳුනුම්පත් මෙම සති අන්තයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගනු ලබන ඡායාරූප ශිල්පීන් 1800ක් පමණ මේ වන විට දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත් එසේ ලියාපදිංචි වූවන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඡායාරූප ගැනීම සඳහා පුහුණු කොට ඇති බවත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya