මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක්

    සැප්තැම්බර් 03, 2014
    චීන රජයේ සහයෝගය ඇති ව ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් මෙරට ඉදිකිරීම සඳහා වන යෝජනාව මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය. 
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානය ඉදිකිරීම හරහා මෙරට ගුවන් යානා නඩත්තු කිරීම සඳහා වාර්ෂික ව මෙරටින් විදේශයනට යන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි වන බව ද පවසා සිටියේය.
     
    දැනට හමුදාව සතු ගුවන් යානාවලින් වැඩි ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදනය කරන ලද ඒවා බවත් වාර්ෂිකව ඒවා නඩත්තු කිරීම් සඳහා යළි එකී රටවලට නොයවා අප රට තුළම මෙසේ ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවත් පෙන්වා දුන් වනිගසුරිය මහතා මෙය ඉදිකිරීමෙන් අනතුරුව අවුරුදු 2ක පමණ කාලයක් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය චීන රජයෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බවත් ඒ කාලය අතරතුරදී එම නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිස් පුහුණු කරවනු ලබන බවද පෙන්වා දුන්නේය. 
     
    ඒ අනුව අවුරුදු ‍2කට පමණ පසුව මෙම නඩත්තු කටයුතු සියල්ල ශ්‍රී ලාංකිකයන් විසින් ම සිදු කරනු ඇති බවත් ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව මෙම කටයුතු සඳහා පිටරටවලට ඇදී යන විශාල මුදල් සම්භාරයක් ඉතිරි කර ගැනීමට හැකිවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya