මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සංදර්ශන නැවතත් දිවයින පුරා

    සැප්තැම්බර් 03, 2014
    යුද හමුදා නිලධාරීන්ගේ දක්ෂතාවන් තම ගම්බිම්වල සිටින ඥාති මිත්‍රාදීන්ට පෙන්වීම සඳහාත් රණ විරුවන්ගේ අභිමානය ඇතිවන පරිදිත් හමුදාව මගින් පවත්වනු ලබන හමුදා සංදර්ශන නැවතත් දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) අද කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශන 1963 වසරේ දී ආරම්භ කරන ලද පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ වුවද පසුගිය කාලයේ පැවති යුද වතාවරණය හේතුවෙන් එම සංදර්ශන නවතා දැමිමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය.
     
    යුද්ධය අවසන් වී රටට සාමය ලැබීමෙන් පසු ව නැවතත් මෙම සංදර්ශන දිවයින පුරා පවත්වා රණ විරුවන්ගේ අභිමානය රැකෙන පරිදී ඔවුන්ගේ දක්ෂතාවන් නැවතත් ජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති බවද මෙහිදී අනාවරණය කර සිටියේය.
     
    කෙටි කාලයක් තුළ දී වාහනයක් ගලවා නැවත සවි කිරීම, පාලමක් ඉදි කිරීම, හමුදා ශාරීරික අභ්‍යාස හා සරඹ සංදර්ශන, පැරෂූට් සංදර්ශන, කාලතුවක්කුවක් ඉතා කෙටි කාලයකදී ගලවා නැවත සවි කිරීම හා හමුදාව විසින් ත්‍රස්ත මර්දන කටයුතු සිදුකරන ලද ආකාරය ද මෙම පිරික්සුම් පහන් සංදර්ශනවලදී ප්‍රදර්ශනය කරනු ලැබේ. 
     
    වසරකට මෙවැනි හමුද සංදර්ශන 6ක් පමණ ජනතාවට දැක බලා ගැනීම සඳහා අවස්ථාව සලසාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇත. 
     
    ඒ අනුව මෙම මාසයේ 08 හා 09 යන දිනයන්හිදී මොනරාගල කාර්මික විද්‍යාල භූමියේදී ද 15 හා 16 යන දිනයන්හිදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ද මෙම යුද හමුදා සංදර්ශනය පවත්වනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya