මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නයිජීරියානු ගුවන් හමුදාපති නාවික හමුදා මූලස්ථානයේ

    සැප්තැම්බර් 03, 2014
    සිව් දින අධ්‍යයන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නයිජීරියානු ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් මෝගන් (Morgan) මහතා ප්‍රමුඛ 11දෙනෙකුගෙන් යුත් නයිජීරියානු යුද හමුදා ප්‍රතිසන්ධාන මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිස ඊයේ (02) නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණියහ.
     
    මෙම පිරිස නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී රියර් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
     
    මෙම අධ්‍යයන කණ්ඩායම එයාර් වයිස් මාර්ෂල්වරුන් දෙදෙනෙකු, බ්‍රිගේඩියර් ජනරාල්වරයෙකු,  කොමදෝරුවරයෙකු, ගුවන් කොමදෝරුවරුන් දෙදෙනෙකු, සේනාධිපතිවරයෙකු,  පියාසර ලුතිතන්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතය.
     
    ශ්‍රී ලංකා නාවික හමුදා  සෙබළුන්ගේ සුබසාධක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. 
     
    සේවා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රෝහණ පෙරේරා, නාවික හමුදා සුබසාධක අධ්‍යක්ෂ කොමදෝරු  සුදත් කුරුකුලසූරිය මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya