මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගන්වන ලද රණ විරුවනට ද නිල උසස්වීම් Featured

    සැප්තැම්බර් 03, 2014
    පසුගිය කාලයේ පැවති ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් ව සේවයෙන් විශ්‍රාම ගිය රණ විරුවන්ට ද තම සමකාලීනයන්ට සමගාමී ව නිල උසස්වීම් ලබාදීමට ආරක්ෂක හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇති බව අද (03)කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අනාවරණය කර සිටියේය.


    මෙම රණ විරුවන් අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සටන් වැද යම් යම් දුබලතාවලට හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම හේතුවෙන් විශ්‍රාම ගන්වන ලද බව පැවසූ වනිගසූරිය මහතා ඔවුන් එදා රට ගැන සිතා කරන ලද එම උදාර සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම තීරණය ගත් බව පවසීය. ඔවුන්ට හිමි එම නිල උසස්වීමි හා ගෙවීමට ඇති හිඟ මුදල් එසේ ඔවුන් විශ්‍රාම ගත් දින සිට ගෙවීමට කටයුතු සම්පාදනය කරනු ලබන බව ද මෙහිදී අනාවරණය කර සිටියේය.


    මේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් නොයෙක් ආබාධිත තත්ත්වයනට පත් වී විශ්‍රාම ගොස් සිටින රණ විරුවන් 6200කට පමණ විශාල සහනයක් සැලකෙන බව ද යුද්ධයේදී මියගිය හෝ අතුරුදන් වූ රණ විරුවන්ට ඔවුන් මියගිය දින හෝ අතුරුදන් වූ දින සිට ම මේ වන විටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකව පවතින බව ද මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya