මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුව නව සහකාර අධිපතිවරුන් සිව් දෙනෙකු පත් කරයි

    සැප්තැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සහකාර අධිපතිවරුන් ලෙස ඩී. වසන්ත, සී.පී.ඒ. කරුණාතිලක, එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් පත් කර ඇත. මීට අමතර දැනට මහා භාණ්ඩාගාරයේ  නියෝජ්‍ය ලේකම්වරයෙකු වන  එස්.ආර්. ආටිගල මහතා ද සහකාර අධිපතිවරයෙකු ලෙස පත් කර ඇත.


    ඉදිරියේදී මතු විය හැකි අනාගත අභියෝගයන් ජය ගැනීමට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුප්‍රාප්තික සැලසුමට අනුව මේ උසස් වීම් ලබා දී ඇති බව මහ බැංකුව පවසයි. පසුගිය අගෝස්තු 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇත.

     

    ඩී. වසන්ත මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30කට වැඩි කාලයක් සේවය කර ඇත. විශේෂයෙන් ම සංඛ්‍යානය, විනිමය පාලනය, ආයතනික සේවා සහ සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි වැඩි පළපුරුද්දක් ලබා ඇත. මේ පත්කිරීමට පෙර ඔහු මහ බැංකුවේ ලේකම් වශයෙන් කටයුතු කළ බව ද සඳහන් වේ. සහකාර අධිපතිවරයෙකු වශයෙන් මේ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යානය, මූල්‍ය ස්ථායිතා අධ්‍යයන සහ ලේකම් යන දෙපාර්තමේන්තු අධීක්ෂණය කරනු ඇත.

     

    සී.පී.ඒ. කරුණාතිලක මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 28කට වැඩි කාලයක් සේවය කර ඇත. ඔහු සංඛ්‍යානය, ව්‍යවහාර මුදල් කළමනාකරණය සහ මානව සම්පත් පුහුණු කිරීම හා සංවර්ධන යන අංශ පිළිබඳ වැඩි පළපුරුදක් ඇත. සහකාර අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ (බැංකු විදු පියස) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ සහ සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරණ කටයුතු අධීක්ෂණය කිරීම මොහුගේ කාර්යභාරය වේ.

     

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 28කට වැඩි කාලයක් සේවය කර ඇති එච්.ඒ. කරුණාරත්න මහතා ප්‍රධාන වශයෙන් බැංකු කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය බුද්ධි හා විදේශීය සංචිත කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි වැඩි පළපුරුද්දක් ලබා ඇත. මේ පත්වීමට පෙර ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. සහකාර අධිපතිවරයෙකු වශයෙන් කරුණාරත්න මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, විනිමය පාලනය හා මූල්‍ය යන දෙපාර්තමේන්තු අධීක්ෂණ්‍ය කරනු ඇත.

     

    එස්.ආර්. ආටිගල මහතා 2003 වසරේ සිට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට අනුයුක්තව කටයුතු කරන අතර දැනට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස පත් කර ඇත. මුදල් හා රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වසර 23කට වැඩි පළපුරුද්දක් මොහු සතු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya